Quantcast
Channel: මල් කැකුළු : නුවණ, දැනුම හා විනෝදය | පර්සි ජයමාන්න
Viewing all articles
Browse latest Browse all 1094

නස්රුදින්ගෙන් පාන් පෙත්තටත් තර්කයක්!

$
0
0

දවසක් දාර්ශනිකයෙක් නස්රුදින් එක්ක කතාබහක යෙදිලා හිටියා. ඒ කතාවෙදි දාර්ශනිකයා නස්රුදින්ගෙන් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා. 

"ඔහෙට කියන්න පුලුවන් ද බටර් ගාපු පාන් පෙත්තක් උඩට විසිකළොත් බටර් ගාපු පැත්ත බිම අතට වැටෙන්නෙ ඇයි ?” කියලා දාර්ශනිකයා ඇහුවා. 

නස්රුදින්ට ඕනෙ වුනා, ඒ වෙලාවෙම ඒක ඇත්තද බලන්න. එයා පාන් පෙත්තක් බටර් ගාලා ගෙනල්ලා උඩට විසි කළා. ඒ පාන් පෙත්ත වැටුණේ බටර් නොගාපු පැත්ත බිම අතටයි. 

“ඔහෙගෙ තර්කය වැරදියි නෙ. බිම අතට වැටුණේ බටර් නොගාපු පැත්තයි.” නස්රුදින් කිව්වා. 

දාර්ශනිකයා එයින් අධෛර්යයට පත් වුණේ නෑ. එයා නස්රුදින්ට දුන්නෙ මෙහෙම උත්තරයක්: 

“ඔයාටයි වැරදුණේ. ඔයා බටර් ගාලා තිබුණෙ වැරදි පැත්තෙනෙ.” 

(ළඟදීම ගුණසේන ප්‍රකාශනයක් ලෙස නිකුත් වෙන පර්සි ජයමාන්නගේ අලුත් ම නස්රුදින් කෘතියෙන්)


Viewing all articles
Browse latest Browse all 1094