Quantcast
Channel: මල් කැකුළු : නුවණ, දැනුම හා විනෝදය | පර්සි ජයමාන්න
Viewing all articles
Browse latest Browse all 1095

මිනිස් ඇහැක් හා සමාන විස්මිත ‘අයිකැම්’ කැමරාවක්!

$
0
0

අද අපට සිංහල අවුරුද්ද උදා වුණා. ලෝකයේ කොහේ හිටියත් සුබ පැතුම් එක්කරන්න මේක අවස්ථාවක් කර ගන්නවා. අලුත් අවුරුද්ද නිසා අලුත් දෙයක් ගැන කියන්න හිතුණා. ඒ අමුතුම විධියේ කැමරාවක් ගැනයි. 

අයිකැම් නිර්මාණය කළ මාක් ටෙයිසියේ ඒ උපාංගය පෙන්වමින්. මෙය ජර්මනියේ 
සාලන්ඩ් විශ්ව විද්‍යාලයේ මානව-පරිගණක අන්තර්ක්‍රියා පර්යේෂණ අංශයේ නව නිපැයුමක්.

ඔබේ පාවිච්චියට අපූරු අයිකැම් කැමරාවක් තනා තියෙනවා. සාමාන්‍ය මිනිස් ඇහැකට එහෙමපිටින් ම සමාන මේ අයිකැම් කැමරාවට ඔබ වීඩියෝ කෝල් එකක් ගන්නාතුරු ඔබ දෙස බලා සිටින්නට ඇස්පිල්ලන් ගහන්නට විතරක් නෙවෙයි, ඇහැ එහාට මෙහාට හරවන්නත් එයට පුලුවන්. 

අයිකැම් කැමරාව තනා ඇත්තේ ජර්මනියේ සාර්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ මානව-පරිගණක අන්තර්ක්‍රියාකාරකම් පිළිබඳ පර්යේෂණාගාරයේ මාක් ටෙයිසියේ (Marc Teyssier) ඇතුළු පිරිසක්. මේ නිර්මාණය ඕපන් සෝස් (open-source) වලට ඇතුළත් කර ඇති නිසා ඔබටත් අවශ්‍ය නම් මෙය ගෙදරදී හදා ගන්න පුලුවන්. 

සැබෑ ඇසකට සමාන මේ අයිකැම් ඇසට ඇහි පල්ලන් පමණක් නොව ඇහිබැමක් පවා තියෙනවා.

මිනිස් ඇසකට බොහෝ දුරට සමාන මේ අයිකැම් කැමරාව, ඔබට ඇහැට ඇහැ දී කතා කළෑකි. එය ඉහළ බලන විට උඩ ඇහිපිය ඉහළට ඇරෙනවා. යටි ඇහිපිය වැහෙනවා. අපේ සාමාන්‍ය ඇහැක් වැඩ කරන විදියට ම ඒක වැඩ කරනවා. එය ක්‍රියාකරන විට එහි සජීවී බවක් ප්‍රාණවත් බවක් ඔබට දැනේවි.

ඔබ උනන්දුවක් දක්වනවා නම් අයිකැම් එකක් ඔබටම හදා ගන්න පුළුවන්. ඒ විස්තර ඕපන් සෝස් ක්‍රමයට ඔහුගේ නමින් ඇති වෙබ් අඩවියේ සඳහන් වෙනවා. එයින් මෘදුකාංග ලබා ගෙන 3D මුද්‍රණ ක්‍රමය මගින් එහි දෘඪාංග තනා ගන්නත් පුලුවන්.

අයිකැම් කැමරාව මෙතෙක් අප භාවිත වෙබ්කැම් කැමරාවට වඩා සම්පූර්ණයෙන් ම වෙනස් එකක්. වෙබ් කැමරාව අපට නොපෙනෙන්න බොහෝ විට සවි කර තියෙන්නේ. කැමරා ෆෝනය, ලැප්ටොප් කැමරාව ආදිය ඊට උදාහරණයි. ඇයිකැම් එකවරම දකින කෙනකු තිගැස්සී යන්න පුලුවන්. 

‘සංවේදක කැමරා උපකරණ අප වට කර ගෙනයි ඉන්නෙ. වීදියේ මග තොට හැම තැනකම ඒවා අප දෙස බලා ගෙන ඉන්නවා. නිරතුරුවම ගූගල් හෝ ඇලෙක්සා ස්පීකර අපට සවන් දෙමින් ඉන්නවා. අපේ ලැප්ටොප් එකේ කැමරාවත් අපට නොපෙනෙන්න ඉඳගෙන අප දිහා බලා ඉන්නවා. මේවා පසුගිය වසර 20 තිස්සේ එන්න එන්නම කුඩා වෙ‍මින් අපේ එදිනෙදා ජීවිතයට බද්ධ වෙමින්, අපට නොපෙනී සිටින්නට උත්සාහ කරනවා. අන්තිමේ දී අපට ඒවා තියෙන බව නොදැනී යනවා. ඒ නිසා මේ තත්වය වෙනස් කරන්නයි මට අවශ්‍ය වුණේ.’ ටෙයිසියර් කියනවා. 

අයිකැම් ක්‍රියාකරන හැටි පහත වීඩියෝවෙන් බලන්න

‘සන්නිවේදනයේ දී මිනිස් ඇස ඉතා වැදගත් කාර්යය භාරයක් ඉටු කරනවා. ඒ නිසා මේ අයිකැම් ඇස අපට උදවුවෙනවා නිසැකයි, වීඩියෝ කතා බහේදී අපේ ඇසට ඇස අතර සම්බන්ධය පවත්වාගෙන යන්නට.’ ඔහු වැඩිදුරටත් කියනවා. 

‘මිනිස් ඇස මෙන්ම සියුම් ලෙස ක්‍රියා නොකළත් මේ අයිකැම් අපට යම් සහනයක් ලබා දෙනු නිසැකයි.’ඔහු අවසාන වශයෙන් සඳහන් කරනවා. 

මාක් ටෙයිසියේ (Marc Teyssier) ඔහු සිය සගයන් සමග කළ මේ නව නිර්මාණය පිළිබඳ පර්යේෂණ පත්‍රිකාව (research paper) නිදහසේ ලොව ඕනෑම කෙනෙකුට භාවිත කළ හැකි ඕපන් සෝස් (open-source repository) යටතේ ඔහුගේ වෙබ් පිටුවේ පළ කර තියෙනවා. 

- පර්සි ජයමාන්න


Viewing all articles
Browse latest Browse all 1095

Trending Articles