Quantcast
Channel: මල් කැකුළු : නුවණ, දැනුම හා විනෝදය | පර්සි ජයමාන්න
Viewing all articles
Browse latest Browse all 1094

කෝකිලයෙකුගෙන් ඉගෙනගත් මිනිසකුගේ කතාව

$
0
0

මේක කුරුල්ලන් නැති රටක ජීවත්වුණු මිනිහෙකු ගැන කතාවක්. ඒ මිනිහා එයා උන්නු රටේ ඉඳලා වෙන රටකට ගියා. එහිදී ඔහුට කෝකිලයෙකු මුණු ගැහුණා. ඒ කෝකිලයා ඇසුරට වැටුණු මිනිසාට සංගීතය ඉගෙන ගන්නට හැකි වුණා. ඔහු සංගීතය නිපදවන හැටි ඉගෙන ගත්තාට පස්සෙ උද්දාමයට පත් වුණා. 


‘මං මගේ රටට ගිහින් සංගීතයෙන් ඔවුන්ගේ ජීවිතය සැපවත් කරනවා. ඒ හැමෝටම මේ විස්මයජනක දේ ගැන කියා දෙනවා.’ ඔහු තමාටම කියා ගත්තා. 

ඒත් කෝකිලයා කීවේ ඊට වෙනස් කතාවක්. ‘අපේ රහස ඉගෙන ගත් ඕනෑම කෙනෙකුට අනිත් හැමදෙනාම විශ්වාස නොකරන විදියේ කරදරවලට මූණ පාන්නට සමහර විට ඊටත් වඩා කරදරයකට වුනත් මුහුණ පාන්නට සිද්ධ වෙනවා.’ ඒ කෝකිලයා කිව්වා. 

නමුත් මිනිසා එය ගණනකට ගත්තේ නැහැ. ඔහු ගමරට බලා ගොස් එහි වැසියන්ට මෙහෙම කිව්වා. ‘මට සංගීතය නිපදවන්න පුලුවන්’ ඔහු තමන් ඉගෙන ගත් දෙය ඔවුන්ට අහන්න සැලැස්සුවා. 

ඒත් ඒ මිනිස්සු කවදාවත් සංගීතයක් ගැන අසා තිබුනේ නෑ. ඒ හඬ ඔවුන්ට අමිහිරි කටුක එකක් ලෙසයි දැනුනේ. 

‘නවත්තපන්!’ ඔවුන් කෑ ගැසුවා. ‘මේ අමිහිරි හඬින් අපේ රසඥතා විනාශ වෙනවා. මේ අමිහිරි අප්‍රසන්න කලාව ඉගෙන ගත්තේ කොහෙන්ද?’ ඔවුන් ඔහුගෙන් ප්‍රශ්න කළා. ඔවුන්ගේ හැඟීමේ හැටියට එය ඔවුන්ගේ රස වින්දනයට තිසිසේත් යෝග්‍ය නොවූත්, ගෝචර නොවූත් එකක් වුනා. 

‘හුඟක් දුර රටකින්, ඒ විතරක් නොවෙයි මං මේ සංගීතය නිපදවන හැටි ඉගෙන ගත්තේ කෝකිලයෙකුගෙන්. ලස්සනට ගී ගයන කුරුල්ලෙකුගෙන්.’ මිනිසා කීවා. 

ඔහු බොරු කියන්නේ යැයි තවත් තවත් කෝපයට පත් ඔවුන් ඔහු අල්ලා එල්ලා මරා දැමුවා. ඒ ඇත්තටම කෝකිලයන් ජීවමානව සිටියත් (එරට හැමදෙනාම දැන සිටියේ කුරුල්ලන් කියා සතුන් විශේෂයක් ඇත්තටම නැති බවයි.) ඒ සංගීතය සත්‍ය වශයෙන් ම ඔවුන්ට පිළිකුල් එකක් වූ නිසයි. 

වාසනාවකට මේ කතාව අප ගැන ගෙතුනු එකක් නොවෙයි. මෝඩයින්ගේ දිවයිනේ සිටි අමන මිනිසුන්ගෙන් අප අතරට ආ එකක්. 

- පර්සි ජයමාන්න


Viewing all articles
Browse latest Browse all 1094