Quantcast
Channel: මල් කැකුළු : නුවණ, දැනුම හා විනෝදය | පර්සි ජයමාන්න
Viewing all articles
Browse latest Browse all 1094

දුර්ලභ ගණයේ රන් කැස්බෑවෙකු ඉන්දියාවෙන් හමුවෙයි!

$
0
0

ඉතා දුර්ලභ ගණයේ රන් කැස්බෑවෙකු ඉන්දියාවෙන් හමු වී තියෙනවා. ඉන්දියාවේ බටහිර බෙංගාලයේ ගම්මානයක පොකුණකින් හමු වී ඇති මේ අපූරු සත්වයා පිළිබඳ තතු ලෝකයට හෙළිකර ඇත්තේ ස්නෙහා ධර්වද්කායි. ඔහුගේ ට්විටර් ගිණුමෙහි ඒ පිළිබඳ අදහස් දක්වා තියෙනවා. 

ඉන්දියාවේ බටහිර බෙංගාලයේ ගම්මානයක විල සිට හමුවූ  රන් කැස්බෑවා 
අයත් වන්නේ ඉන්දියානු පැතලි කැස්බෑවන්ගේ (Indian flap shell turtle) ගණයටයි.

ස්නෙහා කියන්නේ මේ කැස්බෑවාගේ මේ වෙනස් වීම සහජ විකෘතියක් නිසා හෝ සිරුරේ වර්ණකවල ඌනතාවක් නිසා හෝ සිදුවිය හැකියි. ඇළි බව ඇති වන්නේත් සිරුරේ වර්ණක ඌනතාවේදියි. එවිට සුදු පැහැති සතුන් ඇති වන්නාක් මේ කොළ කැස්බෑවාගේ නිල් වර්ණක ඌනතාව නිසා ඌ දීප්තිමත් කහ පැහැයෙන් දිස්වෙනවා විය හැකියි. 

මේ සතා අයත් වන්නේ ඉන්දියානු පැතලි කැස්බෑවන්ගේ (Indian flap shell turtle) ගණයටයි. දකුණු ආසියාවේ හමුවන මේ කැස්බෑ විශේෂය සාමාන්‍යයෙන් සාමාන්‍යයෙන් කොළ පැහැයෙන් යුතුයි. හොඳින් වැඩුණු විට අඟල් 9ත් 14ත් අතර ප්‍රමාණයකට වැඩෙනවා. 

රන් කැස්බෑවා යනුවෙන් වැඳුම් පිදුම් ලබන මේ සතාට දීප්තිමත් කහ පැහැය ලැබී ඇත්තේ 
සාමාන්‍යයෙන් ඇති කොළ පැහැය ඇති කරන නිල්වර්ණකවල ඌනතාව නිසයි.

පසුගිය අගෝස්තුවේ දී මේ සමාන කැස්බෑවෙක් නේපාලයේ දීත් හමු වී තියෙනවා. උරග සතුන් පිළිබඳ විශේෂඥයෙකු වූ කමල් දේව්කෝටා ඒ අවස්ථාවේ දී සටහනක් තබමින් මේ රන් කැස්බෑවුන් ඉතා දුර්ලභ මෙන්ම ආගමික ඇදහිලිවල ඔවුන්ට සුවිශේෂ තැනක් හිමි වන බවත් කියා තිබුණා. නේපාලයේ රන්වන් කැස්බෑවන් ආගමික හා සංස්කෘතික වශයෙන් ජනතා ගෞරවයට පාත්‍රවන බවත් එහි ලියා තිබුණා. 

හින්දු විශ්වාසයන්ට අනුව කැස්බෑවාගේ මතුපිට කටුව අහස සංකේතවක් කරන අතර යට කටුව පෘථිවිය සංකේතවත් කරනවා. ඒ වගේ ම කැස්බෑවා විෂ්ණු දෙවියන්ගේ එක් අවතාරයක් වූ කුර්මා ලෙස සැලකෙනවා. ලෝක විනාශයේ දී විෂ්ණු දෙවියන් කැස්බෑවෙකුගේ වේශයක් ගෙන විශ්වය විනාශයෙන් ගලවා ගත් බව ප්‍රවාදයෙහි සඳහන් වෙනවා. ඒ නිසා ඉන්දියාවේ දේවාල, කෝවිල් ගණනාවකම කැස්බෑවා වැඳුම් පිදුම් ලබනවා. රන් කැස්බෑවෙකුට ඊටත් වඩා ලොකු ගෞරවයක් හිමි වෙනවා. 

රන් කැස්බෑවාට මේ සිත්ගන්නසුලු වර්ණය ලැබී ඇත්තේ කහ වර්ණක බහුල වීම හා නිල් වර්ණක ඌනතාව නිසයි. 

ඉන්දියාවේ දේවාල, කෝවිල් ගණනාවකම කැස්බෑවා වැඳුම් පිදුම් ලබනවා. 

රන් කැස්බෑවෙකුට ඊටත් වඩා ලොකු ගෞරවයක් හිමි වෙනවා.

 


Viewing all articles
Browse latest Browse all 1094