Quantcast
Channel: මල් කැකුළු : නුවණ, දැනුම හා විනෝදය | පර්සි ජයමාන්න
Viewing all articles
Browse latest Browse all 1094

යුක්තිය සොයා උසාවි ආ මිනිසා - නස්රුදින්ගේ කතා

$
0
0
දවසක් නස්රුදින් නඩුකාරයකුව සිටිය දී මිනිහෙක් උසාවියට දුවගෙන ආවා. නස්රුදින් ඒ වෙලාවෙ හිටියෙ නඩුකාරයට අයිති කාමරේ.

”ඇයි මේ කලබලෙන් ?” නස්රුදින් හිස ඔසවා ඔහු දිහා බලලා ඇහුවා.

”අනේ! ස්වාමීනි මං මෙහේ එද්දි මේ ගමේ සීමාවෙදි හොරෙක් පැනලා මගේ හැමදේම උදුරා ගත්තා! මං හිතන්නේ ඒ මිනිහා මේ ගමේ කෙනෙක්. මගේ නඩුව අහලා මට යුක්තිය ඉෂ්ට කරලා දෙන්න ස්වාමීනි!”

ඒ අසරණයා බැගෑපත් වුණා.

”ඒ හොරා මගේ හැමදේම උදුරා ගත්තා. මගේ සපත්තු, මගේ කලිසම්, මගේ කමිසය, මගේ කලිසම, මගේ කබාය, මගේ මාලය, මගේ මේස් ඇතුළු මට අයිති හැම දෙයක් ම සොරා ගත්තා. මට කිසි දෙයක් ඉතුරු කළේ නෑ, ස්වාමීනි, මගේ නඩුව අහලා යුක්තිය මට ඉෂ්ට කරලා දෙන්න! සොරා අල්ලලා දඬුවම් දෙන්න ස්වාමීනි!” ඒ අසරණයා ආයාචනා කළා.


නස්රුදින් පැමිණිලිකරු දිහා ටික වේලාවක් බලා සිටියා. බලා ඉඳලා මෙහෙම ඇහුවා.

”හොඳයි ඒත් මට පේනවා ඔහේ දිහා බැලූවාම, ඔහේ තවමත් ඔහේගෙ යට කලිසම පිටින් ඉන්න බව. ඔය කියන හොරා ඒක උදුරා ගත්තෙ නැද්ද?”

”නැහැ ස්වාමීනි! ” ඔහු උත්තර දුන්නා.

”එහෙනම් මට හොඳටම විශ්වාසයි, ඒ හොරා මේ ගමේ කෙනෙක් නම් නොවෙයි. ඒ හින්දා මට මේ නඩුව අහන්න විධියක් නැහැ.” නස්රුදින් පැහැදිලි කර දුන්නා.

”සමාවෙන්න! ස්වාමීනි ඔබතුමා හරියටම එහෙම කියන්නෙ කොහොමද?” පැමිණිලිකාරයා ආ පිට ඇහුවා.

”ඒ මොකද දන්නවද? ඒ හොරා මේ ගමේ කෙනෙක් නම් ඉන්තේරුවෙන් ම එයා ඔහෙගෙ යටකලිසමත් ගලවා ගන්නවා. ඔය වගේ පොඩි දෙයක්වත් ඉතුරු කරන්නේ නෑ. ඇත්තම කියනවා නම් මෙහෙ ඉන්නෙ හැම දෙයක් ම සර්ව සම්පූර්ණයෙන් ම කරන අයයි.” නස්රුදින් උත්තර දුන්නා.


Viewing all articles
Browse latest Browse all 1094

Trending Articles